අප ගැන

ගෝලීය අරමුදලෙහි දේශීය සම්බන්ධීකරණ කමිටුවේ ව්‍යුහය හා සංකල්ප, ජාතික හිමිකාරීත්වයෙහි සහ සහභාගීත්ව තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි මුලධර්ම පිළිබිඹු කරයි. මෙම ජාතික තලයේ සුවිශේෂී රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරීත්වය, ග්‍රාහක රටවල් සඳහා ගෝලීය අරමුදලෙහි සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ ප්‍රධාන පාලන ඒකකය නියෝජනය කරනු ලබයි.

ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව (CCMSL) 2002 වසරේ මාර්තු මාසයේදී ස්ථාපනය කරන ලද්දේ ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සදහා වන ගෝලීය අරමුදල (GFATM)  සමග  සම්බන්ධීකරණය, යෝජනා සංවර්ධනය සහ ඉදිරිපත් කිරීම මෙන්ම ගෝලිය අරමුදලෙහි ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ය.
 මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය අරමුදලේ පාලක සභාව, ලේකම් කාර්යාලය හා යෝජනා විමර්ශන මඬුල්ල සමග සම්බන්ධීකරණය කිරීමයි. අරමුදල් ලබාගැනීම සඳහා රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය මගින් යෝග්‍ය වන යෝජනා සංවර්ධනය සහ සම්බන්ධීකරණය පිළිබදව මෙම කමිටුව වගකියනු ලබන අතර ශ්‍රී ලංකාව තුල එච්අයිවී/ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව නිසා ඇතිවන ව්‍යසනකාරී බලපෑම අවම කිරීම සඳහා අරමුදල් ලබාගැනීමත් එම සම්පත් මනාව උපයෝගී කරගැනීම පිළිබඳව අධීක්ෂණය කිරීමත් මෙම කමිටුවේ අභිප්‍රායයි.

ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව, රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, විද්වත් ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධන , විශ්වාසය මත පදනම් වු සංවිධාන, ද්වීපාර්ශවික සහ බහුපාර්ශවික සංවර්ධන සහකරුවන් මෙන්ම රෝග සමග ජීවත්වන හෝ අදාල රෝගීන් ගෙන් සමන්විත වු ජාතික මට්ටමේ බහු ආංශික සංවිධානයකි.

වර්තමාන ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව (CCMSL), සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සභාපතිවරයා ලෙස කටයුතු කරන සාමාජිකයින් 27 දෙනෙකුගෙන් සුසැදි සංවිධානයකි. ‍මෙහි උප සභාපති සිවිල් සමාජය  නියෝජනය කරනු ලබයි. ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව තුන්මසකට වරක් රැස්වේ.  

අපගේ මෙහෙවර
  • අපගේ මෙහෙවර ශ්‍රී ලංකාවේ HIV/AIDS, ක්ෂය රෝගය (TB) සහ මැලේරියාව සඳහා වන ජාතික ප්‍රතිචාරයට සහාය වීම සඳහා ගෝලීය අරමුදල් සම්පත් ඵලදායී හා කාර්යක්ෂමව භාවිතා කිරීම සම්බන්ධීකරණය කිරීම සහ අධීක්ෂණය කිරීම
  • ගෝලීය අරමුදල් ප්‍රදානයන් ජාතික ප්‍රමුඛතා සහ උපාය මාර්ග සමඟ සමපාත වන බව සහතික කිරීම සහ ඒවා දැනට පවතින වැඩසටහන් සහ මැදිහත්වීම් අනුපූරකව සහ වැඩිදියුණු කිරීම සහතික කිරීම
  • රජය, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ බලපෑමට ලක් වූ ප්‍රජාවන්ගෙන් සමන්විත වූ අදාළ සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් සහභාගීත්ව, විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම
Scroll to Top