Welcome to
CCM Sri Lanka

Read More

Welcome To
CCM Sri Lanka

Get Started

Welcome To
CCM Sri Lanka

Get Started

Welcome To
CCM Sri Lanka

Get Started

Welcome To
CCM Sri Lanka

Get Started

ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව
(CCM Sri Lanka)

ගෝලීය අරමුදලෙහි දේශීය සම්බන්ධීකරණ කමිටුවේ ව්‍යුහය හා සංකල්ප, ජාතික හිමිකාරීත්වයෙහි සහ සහභාගීත්ව තීරණ ගැනීමේ ක්‍රියාවලියෙහි මුලධර්ම පිළිබිඹු කරයි. මෙම ජාතික තලයේ සුවිශේෂී රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරීත්වය, ග්‍රාහක රටවල් සඳහා ගෝලීය අරමුදලෙහි සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ ප්‍රධාන පාලන ඒකකය නියෝජනය කරනු ලබයි.

ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව (CCMSL) 2002 වසරේ මාර්තු මාසයේදී ස්ථාපනය කරන ලද්දේ ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාවට එරෙහිව සටන් කිරීම සදහා වන ගෝලීය අරමුදල (GFATM)  සමග  සම්බන්ධීකරණය, යෝජනා සංවර්ධනය සහ ඉදිරිපත් කිරීම මෙන්ම ගෝලිය අරමුදලෙහි ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සඳහා ය.

මෙම කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ ගෝලීය අරමුදලේ පාලක සභාව, ලේකම් කාර්යාලය හා යෝජනා විමර්ශන මඬුල්ල සමග සම්බන්ධීකරණය කිරීමයි. අරමුදල් ලබාගැනීම සඳහා රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය මගින් යෝග්‍ය වන යෝජනා සංවර්ධනය සහ සම්බන්ධීකරණය පිළිබදව මෙම කමිටුව වගකියනු ලබන අතර ශ්‍රී ලංකාව තුල එච්අයිවී/ඒඩ්ස්, ක්ෂය රෝගය සහ මැලේරියාව නිසා ඇතිවන ව්‍යසනකාරී බලපෑම අවම කිරීම සඳහා අරමුදල් ලබාගැනීමත් එම සම්පත් මනාව උපයෝගී කරගැනීම පිළිබඳව අධීක්ෂණය කිරීමත් මෙම කමිටුවේ අභිප්‍රායයි.

ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව, රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, විද්වත් ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධන , විශ්වාසය මත පදනම් වු සංවිධාන, ද්වීපාර්ශවික සහ බහුපාර්ශවික සංවර්ධන සහකරුවන් මෙන්ම රෝග සමග ජීවත්වන හෝ අදාල රෝගීන් ගෙන් සමන්විත වු ජාතික මට්ටමේ බහු ආංශික සංවිධානයකි.

වර්තමාන ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව (CCMSL), සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සභාපතිවරයා ලෙස කටයුතු කරන සාමාජිකයින් 27 දෙනෙකුගෙන් සුසැදි සංවිධානයකි. ‍මෙහි උප සභාපති සිවිල් සමාජය  නියෝජනය කරනු ලබයි. ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ කමිටුව තුන්මසකට වරක් රැස්වේ.  

Upcoming Events

අධීක්ෂණ කමිටු රැස්වීම මැයි මස 11 වන දින පෙ.ව. 10.00 සිට 12.00 දක්වා

149 වැනි දේ.ස.යා. (CCM) රැස්වීම – 2024 මැයි 11 වැනි දින පෙ.ව.10.00 සිට ප.ව.1.00 දක්වා

Upcoming Events

අධීක්ෂණ කමිටු රැස්වීම මැයි මස 11 වන දින පෙ.ව. 10.00 සිට 12.00 දක්වා

ප්‍රධාන ජනගහන බලකා කමිටුව ශ්‍රී ලංකාව_මෙහෙයුම් මාර්ගෝපදේශ

149 වැනි දේ.ස.යා. (CCM) රැස්වීම – 2024 මැයි 11 වැනි දින පෙ.ව.10.00 සිට ප.ව.1.00 දක්වා

රත්නපුර දිස්ත්‍රික් අධීක්ෂණ චාරිකාව

ප්‍රධාන ජනගහන කාර්ය සාධක බලකා රැස්වීම – අප්‍රේල් 09 පෙ.ව.9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා

2024 වසර සඳහා පළමු අග්නිදිග ආසියාවේ ආසන රැස්වීම

දායක නියෝජිතායතනය

ගෝලීය අරමුදල

ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතන

සෞඛ්‍ය අමාත්‍යංශය

ජාතික ක්ෂය රෝග මර්ධන හා ලය රෝග පිළිබද ජාතික වැඩසටහන

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්ධන වැඩසටහන

මැලේරියා මර්දන ව්‍යාපාරය

පවුල් සැලසුම් සංගමය

සංවර්ධන සහකරුවන්

ලෝක ‍සෞඛ්‍ය සංවිධානය

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල

සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය

ලෝක බැංකුව

Scroll to Top