2024 වසර සඳහා පළමු අග්නිදිග ආසියානු කොට්ඨාශ රැස්වීම

2024 වර්ෂය සඳහා අග්නිදිග ආසියානු කොට්ඨාශයේ (South East Asia Constituency) පළමු රැස්වීම 2024 මාර්තු 7 වන දින ඉන්දුනීසියාවේ ජකර්තා හි දී බංග්ලාදේශය, භූතානය, උතුරු කොරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, තායිලන්තය, ටිමෝර් - ලෙස්ටේ සහ ශ්‍රී ලංකාව යන සාමාජික රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. SEA කොට්ඨාශය සෑම වසරකම කොට්ඨාශ රැස්වීම් දෙකක් පවත්වනු ලබන අතර, සාමාන්‍යයෙන් ගෝලීය අරමුදල් මණ්ඩල රැස්වීම්වලට පෙර පවත්වනු ලබයි. HIV, TB සහ මැලේරියා වැඩසටහන්වල ප්‍රතිපෝෂණය සහ ප්‍රගතිය පිළිබද වාර්තා ගෝලීය අරමුදල් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යුතුය. විශේශඥ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නෝල්ඩ්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහජන සෞඛ්‍ය සේවා 1 (රෝග නිවාරණ) සහ විශේශඥ වෛද්‍ය ජානකී විදානපතිරණල අධ්‍යක්ෂ/ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් පාලන වැඩසටහන CCM නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගී වූහ.

Scroll to Top