අතීත සිදුවීම්

ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ අධීක්ෂණ කමිටු රැස්වීම.

ශ්‍රී ලංකා දේශීය සම්බන්ධීකරණ යාන්ත්‍රණය පිළිබඳ අධීක්ෂණ කමිටු රැස්වීම 2024 ජනවාරි 18 වැනි දින සවස 4.15 සිට 6.30 දක්වා දෙමුහුන් ආකාරයෙන් (භෞතික සහ මාර්ගගත ක්‍රම දෙකෙන්ම) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්‍යාලයේ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම එහි සාමාජිකයින් හත් දෙනාගෙන් පස් දෙනෙකු සහ නිරීක්ෂකයින් දස දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

පසුගිය රැස්වීම්වලට සාපේක්ෂව අදාළ සංරචකවල සඳහන් බොහෝ ක්‍රියාකාරී කරුණුවල සැලකිය යුතු ප්‍රගතියක් ඇති බව නිරීක්ෂණය විය. පසුගිය රැස්වීම්වලින් නොවිසඳුණු ගැටළු ඉස්මතු කර නිවැරදි  කරගැනීමට ක්‍රියාමාර්ග යෝජනා කරන ලදී.

ගෝලීය අරමුදලෙන් ලැබෙන ප්‍රදාන සහ ව්‍යාපෘතියෙහි  ප්‍රගතින්   සමාලෝචනය කර ඇගයීමට ලක් කරන ලදී. සෞඛ්ය තොරතුරු සහ සෞඛ්ය සේවාවෙහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම පිළිබඳ ව්‍යාපෘතිය,  ක්ෂය රෝගය වැළැක්වීම සඳහා වන ප්‍රදානය, HIV/AIDS වැළැක්වීම සඳහා වන ප්‍රදානය  සහ C19RM ආයෝජනය  ඒ අතර විය.

ගෝලීය අරමුදල් ප්‍රදාන හත්වන චක්‍රය (GC7) සඳහා එච්.අයි.වී සහ ක්ෂය රෝගය සඳහා වන අරමුදල් ඉල්ලීම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය ද සාකච්ඡා කෙරිණි. මෙම අරමුදල් ඉල්ලීම් 2025 සිට 2027 දක්වා ශ්‍රී ලංකාව සඳහා අරමුදල් ඉල්ලීම සඳහා සකස් වෙමින් පැවතිණ.

Scroll to Top